කන්නෙලිය
කන්නෙලියෙ ගිහින් තියෙනවද යාළු 😍😊⛰️
කියවලම බලන්න ඔයාලත් ⛰️🐦
ගාල්ල නගරයේ සිට 35km පමණ දුරකින් පිහිටා ඇති කන්නෙලිය වන පියස සොබා සෞන්දර්යයෙන් හෙබි ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත වන පියසක් ලෙස හැදින්විය හැක.. පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත් කන්නෙලිය වනාන්තරය කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය (KDN) සංකීර්ණයට අයත් විශාලම වනාන්තරයයි. හෙක්ටයාර 6144ක විශාලත්වයකින් සමන්විත මෙම වනාන්තරය 60-70 දශක වලදී තුනී ලෑලි සංස්ථාව මගින් දැව ලබා ගැනීමට විශාල වශයෙන් ගස් කැපීම හේතුවෙන් විශාල භූමි ප්‍රමාණයක් ද්විතීක වනාන්තර ලෙස පවතී.. එමෙන්ම ඒ සදහා තනන ලද තාර ඇතිරූ මාර්ගයක්ද වනය තුල දැකගත හැකි වේ..
කන්නෙලිය වනාන්තරය තුල විශාල ශාක ප්‍රජාවක් සහ සත්ත්ව ජ්රජාවක් දක්නට ලැබේ.. හොර, දොරණ, බෙරලිය, ඇටඹ ආදී ශාකද, මීවන විශේෂ සහ කාශ්ඨාරෝහක(වැල් වර්ග) මෙන්ම ආවේණික ශාක බහුලව දැක ගත හැකිවේ. එමෙන්ම බට ඇටිකුකුලා, වතරතුමල් කොහා, හබන් කුකුලා වැනි පක්ෂි විශේෂද, ගෝනා, රත් උණහපුළුවා, දඩුලේනා වැනි ක්ෂීරපායින්ද, මුදු කරවැලා, පලාපොළඟා, මල්සරා වැනි සර්ප විශේෂද, උභය ජීවි විශේෂ රැසක්ද, දුර්ලභ සමනලුන් රැසක්ද දැකගත හැකි වේ.. එමෙන්ම ශාක කදන් මත වෙසෙන ගැට හොඹු කටුස්සන්ද කන්නෙලිය් වනාන්තරයේ සුලභ දසුනකි..
කන්නෙලිය වන පියසෙන් පෝෂණය වන ජලධාරාවන්ගෙන් තැනුනු අනගිමල ඇල්ල හා නාරංගස් ඇල්ල වනාන්තරයේ සුන්දරත්වය තවත් ඔප් නංවයි.. මෙම ජලධාරාවන් මත විශාල මිරිදිය මත්ස්‍ය ප්‍රජාවක් යැපෙයි.. බුලත් හපයා, තල් කොස්සා, ලේ තිත්තයා, හීත මස්සා වැනි මත්ස්‍ය විශේෂ ප්‍රධාන වේ..
කන්නෙලිය වනාන්තරය නැරඹීමට වසර පුරා විවිධ වයස් මට්ටම් වල දෙස් විදෙස් සංචාරකයන් රැසක් පැමිණේ.. කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන මගපෙන්වන්නෙකු සමග වනයට ඇතුලු විය යුතුය. මගපෙන්වන්නෙකු නොමැතිව කන්නෙලිය වනාන්තරයට ඇතුළුවීමට කිසිසේත්ම අවසර ලබා නොදෙයි.
සංචාරකයන්ගේ පහසුව තකා වනාන්තරය තුල නැරඹිය යුතු ස්ථාන එක් කර මං පෙත් තුනක් සකසා ඇති අතර කැමති මං පෙතක් තෝරාගෙ සංචාරය කිරීමට සංචාරකයන්ට හැකියාව පවතී.. එමෙන්ම රාත්‍රී කාලයේ නැවතී සිටීමට කාමර පහසුකම්ද පවතින අතර කෑමට අවශ්‍ය කරන ද්‍රව්‍ය රැගෙන ගියහොත් ආහාර සකසා දීමට කෝකිවරුන්ද එහි සිටිති.. වනාන්තරය තුල කූඩාරම් ගැසීමට අවසර ලබා නොදේ..
සංචාකයන්ට මද්‍යසාර, දුම්වැටි භාවිතය තහනම් වන අතර සංගීත භාණ්ඩ රැගෙන යාම තහනම් වේ.. වනාන්තරය තුල පවතින කිසිදු දිය ඇල්ලකින් හෝ ජල මාර්ග වලට බැස ස්නානය තහනම් වේ.. අවැසි නම් සංචාරක මධ්‍යස්ථානය අවට පිහිටි ස්වභාවික ජල තටාකයෙන් ස්නානය කල හැකිය.. රැගෙන යන ගමන් මළු වලින් අවශ්‍ය ද්‍රව්‍ය පමණක් රැගෙන යා හැකි අතර ගමන් මළු කාර්යාලයේ තබා යා යුතුය.. පොලිතින් රැගෙන යාම තහනම් වන අතර ඉවතලන ද්‍රව්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි කසල බඳුනකට බැහැර කිරීමට කාරුණික වන්න.. වනයෙන් කිසිදු දෙයක් රැගෙන ඒම තහනම් වේ.. ඔබ සංචාරකයෙකු ලෙස වනාන්තරය තුල පියසටහන් පමණක් තබා මතක සටහන් පමණක් රැගෙන ඒමට වගබලා ගන්න.. ස්තූතියි..
අවසරයකින් තොරව ඡායාරූප හා සටහන උපුටා වෙනත් ස්ථානවල පල කිරීම තහනම්...
#srilankatravel #kanneliya #Divyasenanayake #Ecofrindlytraveler
©️ 𝗘𝗰𝗼 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝗹𝘆 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗲𝗿 ...
Comments
Post a Comment