යහන්ගල🏞️⛰️🐦


 ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ පිහිටි රාවණා රජු නිදාසිටිනා  යහන්ගල …⛰️🌷🌴💮


 ජනප්‍රවාදයන්ට  අනුව ගලේ බණ්ඩාර දෙවියෝ වැඩ සිටින්නේ යහන්ගලයි .තවද යහන්ගල තුළ රාවණා  රජුගේ සිහි මුර්ජා වූ සිරුර තැන්පත් කර ඇති බවට ජනප්‍රවාදයක් පවතී.. වචනයේ අර්ථයෙන්ම යහන්ගල  නිදන ඇඳක් ලෙස  පැහැදිලිවම දැකගැනීමට හැකි  කන්දකක්ද වේ..


 නුවර සිට මහියංගණය මාර්ගයේ උඩුදුම්බරට පැමිණ එතැනින් කඩගල පාරේ ​කෙළවරටම පැමිණි  මාර්ගය අවසන් වන කෙළවරේ වන පියස ආරම්භ වන අතර සියල්ලෝම උඩක්කාව දෙසට ගමන් කරන එම වනගත අඩි පාරේ ගමන ආරම්භ කල යුතුවෙනවා.


කැලෑ වර්ග ක්‍රමයෙන් අඩි 4 ක් පමණ මාර්ගයක් වන අතර මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක දී වම් පස මාර්ගය තෝරා ගෙන ඉන් පසු වන කැලය මැදින් පීරාගෙන ගොස් අප නැවතත් වෙලන්ගොල්ල පතනට ගමන් කර පැමිනිය හැකියී….


ඉතා අලංකාර විශාල වූ පතනේ වල් අලින් බොහොවිට සැරිසරනවා… මෙහි වන අලි එකොළොස් දෙනෙක් පමණ වෙලන්ගොල්ල පතන තුළ සැරිසරනු දුටු බව ප්‍රදේශවාසීන්  පවසනවා .


වෙලන්ගොල්ල පතන සිට යහන්ගල දක්වා යන ගමන අතර තුර අලි වසුරු විටෙන් විට දැකගන්නට පුලුවන්..ඒ ඔවුන් කොතරම් කදු නගින්න දක්ෂයන් දැයි පෙන්වන්නට සාධක වෙනවා


 මෙම වෙලන්ගොල්ල පතන යනු පිටවල පතනට පමණක් දෙවැනි වන ඉතාමත් සුන්දර පතනකි. මාන පඳුරු යාය විසින් මුළු පතනම වසා ගෙන සිටින අතර ස්ථාන කිහිපයක එක පොකුරට ඇති  පයිනස් ගස් කිහිපයක හැරුණු විට සමස්ත පතනම විවෘත ප්‍රදේශයක් වේ.


වෙලන්ගොල්ල පතනේ සිට යහන්ගලට

පතනේ සිට වම් පසට ගමන් කළ හොත් පොළවට සමාන්තරව යහන්ගලේ වම් පාදමට ළඟා විය හැකි අතර, දකුණු පසට ගමන් කරතොත් මීටර් ගණනක් දුරට පේන පතන තුළ ඇවිද යා හැකියී.


ඉදිරියේ ඇති මාන පඳුරු යාය මැදින් කිලෝ මීටර් 2 ක් පමණ දුරක් යා යුතු වන අතර අඩි 8 ක් පමණ උසට වැඩුණු මාන පඳුරු අතරින් ගමන් කිරීම අතිෂය දුෂ්කර වෙනවා. යහන්ගල  කන්දේ පාමුලේ සිට දකුණු පසට යත්ම ඉහළට යා හැකි මාර්ගයක් දැක ගත හැකියී…


නමුත් එම මග තියුණු බෑවුමක් වන අතර මෙම කොටස අතිශය අවදානම් වේ.


යහන්ගල පර්වතය උඩ ඉහළ කොටස අක්කර දෙක තුනක් පමණ ප්‍රද්ශයක් වන දෙපැත්තකට යා හැකි අතර මුළු කන්දම ගුවනට විවෘත ප්‍රදේශයක් වෙනවා….එහි මුදුනේ  කිසිඳු ජල උල්පතක් හෝ උස් ගසක් නැහැ.. නමුත් කැඩී ගිය ගල් පර්වත කැබලි තැනින් තැන ඇති අතර එයට හේතුව  පර්වතය උඩට දැඩි ලෙස අකුණු වදින නිසාවෙනියී..


පසෙකින් අසල් වැසීව ඇති කෙහෙල්පොත් දෙරුවේ ගල ඉතාමත් අලංකාර ලෙස දක්නට ලැබුණු අතර මීමුරේ ලකේගල, ගැරඬිගල, මැද මහනුවර කන්ද, දුම්බානා ගල වැනි කඳු ද උඩගල් දෙබොක්ක, උඩත්තාව වැනි ගම්මාන ද දක්නට පුලුවන් … පැහැදිලි දිනක නම්   කිලෝ මීටර් ගණනක් දුරට ඇදෙන මහියංගණය සිට දෙහිඅත්තකණ්ඩියට ගලායන මහවැලි ගංගාව ද රත්කින්ද උල්හිටිය ජලාශ හා සොරබොර වැව දක්වාද අපුරුවට දැකගන්න පුලුවන් ……


පිය සටහන් පමණක් ඉතිරි කර ඒමට කාරුණික වන්න❤️


සටහන-අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු එක්කොට සැකසූවකි.

සටහන් හා 📷 මුල් හිමිකරුවන්ට ස්තූතියි ❤️ 


අපි 𝑻𝒓𝒂𝒗𝒆𝒍 යාළු/Eco friendly Traveler  🤗

Comments

Post a Comment

Popular posts from this blog