Posts

Showing posts from June, 2021

කන්නෙලිය

 කන්නෙලියෙ ගිහින් තියෙනවද යාළු 😍😊⛰️ කියවලම බලන්න ඔයාලත් ⛰️🐦 ගාල්ල නගරයේ සිට 35km පමණ දුරකින් පිහිටා ඇති කන්නෙලිය වන පියස සොබා සෞන්දර්යයෙන් හෙබි ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත වන පියසක් ලෙස හැදින්විය හැක.. පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත් කන්නෙලිය වනාන්තරය කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය (KDN) සංකීර්ණයට අයත් විශාලම වනාන්තරයයි. හෙක්ටයාර 6144ක විශාලත්වයකින් සමන්විත මෙම වනාන්තරය 60-70 දශක වලදී තුනී ලෑලි සංස්ථාව මගින් දැව ලබා ගැනීමට විශාල වශයෙන් ගස් කැපීම හේතුවෙන් විශාල භූමි ප්‍රමාණයක් ද්විතීක වනාන්තර ලෙස පවතී.. එමෙන්ම ඒ සදහා තනන ලද තාර ඇතිරූ මාර්ගයක්ද වනය තුල දැකගත හැකි වේ..  කන්නෙලිය වනාන්තරය තුල විශාල ශාක ප්‍රජාවක් සහ සත්ත්ව ජ්‍රජාවක් දක්නට ලැබේ.. හොර, දොරණ, බෙරලිය, ඇටඹ ආදී ශාකද, මීවන විශේෂ සහ කාශ්ඨාරෝහක(වැල් වර්ග) මෙන්ම ආවේණික ශාක බහුලව දැක ගත හැකිවේ. එමෙන්ම බට ඇටිකුකුලා, වතරතුමල් කොහා, හබන් කුකුලා වැනි පක්ෂි විශේෂද, ගෝනා, රත් උණහපුළුවා, දඩුලේනා වැනි ක්ෂීරපායින්ද, මුදු කරවැලා, පලාපොළඟා, මල්සරා වැනි සර්ප විශේෂද, උභය ජීවි විශේෂ රැසක්ද, දුර්ලභ සමනලුන් රැසක්ද දැකගත හැකි වේ.. එමෙන්ම