ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ පිහිටි රාවණා රජු නිදාසිටිනා යහන්ගල …⛰️🌷🌴💮 ජනප්රවාදයන්ට අනුව ගලේ බණ්ඩාර දෙවියෝ වැඩ සිටින්නේ යහන්ගලයි .තවද යහන්ගල තුළ රාවණා රජුගේ සිහි මුර්ජා වූ සිරුර තැන්පත් කර ඇති බවට ජනප්රවාදයක් පවතී.. වචනයේ අර්ථයෙන්ම යහන්ගල නිදන ඇඳක් ලෙස පැහැදිලිවම දැකගැනීමට හැකි කන්දකක්ද වේ.. නුවර සිට මහියංගණය මාර්ගයේ උඩුදුම්බරට පැමිණ එතැනින් කඩගල පාරේ කෙළවරටම පැමිණි මාර්ගය අවසන් වන කෙළවරේ වන පියස ආරම්භ වන අතර සියල්ලෝම උඩක්කාව දෙසට ගමන් කරන එම වනගත අඩි පාරේ ගමන ආරම්භ කල යුතුවෙනවා. කැලෑ වර්ග ක්රමයෙන් අඩි 4 ක් පමණ මාර්ගයක් වන අතර මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක දී වම් පස මාර්ගය තෝරා ගෙන ඉන් පසු වන කැලය මැදින් පීරාගෙන ගොස් අප නැවතත් වෙලන්ගොල්ල පතනට ගමන් කර පැමිනිය හැකියී…. ඉතා අලංකාර විශාල වූ පතනේ වල් අලින් බොහොවිට සැරිසරනවා… මෙහි වන අලි එකොළොස් දෙනෙක් පමණ වෙලන්ගොල්ල පතන තුළ සැරිසරනු දුටු බව ප්රදේශවාසීන් පවසනවා . වෙලන්ගොල්ල පතන සිට යහන්ගල දක්වා යන ගමන අතර තුර අලි වසුරු විටෙන් විට දැකගන්නට පුලුවන්..ඒ ඔවුන් කොතරම් කදු නගින්න දක්ෂයන් දැයි පෙන්වන්නට සාධක වෙනවා මෙම වෙලන්ගොල්ල පතන ය